උසස්පෙළ සිසුන්ට රජයෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් -19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා ඇත.

එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතුය.

එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බව ද විභාග කොමිසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුය.

තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

කොවිඩ් වි‍ශේෂ විභාග මධ්‍යස්ථාන ලේඛනය හා වෛද්‍යවරුන්ගේ දුරකථන අංක පහතින් දැක්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16