උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දිනයේ නියෝග කළා.

ඒ, අනුව සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් හතර දෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට යොමු කළ මහේස්ත්‍රාත්වරයා තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ද නියෝග කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළා.

නාරාහේන්පිට , දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට පස්සේ බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?