“උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” – වතුර බිල දෙන්න ගිය ආදායම් සහකාරවරයෙක්ට ගුටි පූජාවක් (ඡායාරූප)

ඇරැව්වල, මාලිගාවත්ත පාර ප්‍රදේශයේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය ආදායම් සහකාරවරයෙකුට නිවෙස් හිමියා විසින් පහර දී ඔහුගේ බිල් පොතට අලාභ හානි සිදුකළ පුවතක් වාර්තා වනවා.

“උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලී වෙමින් නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පහර දී ඔහු සතුව තිබූ බිල් පොත උදුරාගෙන වතුර බැරලයකට දමා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාරවරයෙක් බව සඳහන්.

මෙම අදායම් සහකරවරයා අද (30) පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ ජල බිල්පත් නිකුත් කරමින් සිටි අවස්ථාවේ දී මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීම සිදුකළ නිවෙස් හිමියා 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඔහුට අදාළ ජල බිල්පත නොගෙවා තිබූ අතර, ඒ හේතුවෙන් ඉකුත් මාසයේ දී මාසයේ දී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අදාළ නිවෙස් හිමියාගෙන් මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14,000 ඉක්ම වූ මුදලක් අයවිය යුතු බවයි ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

එලෙස ජල සැපයුම විසන්දි කර තිබූ අවස්ථාවේ දී ඔහු විසින් අයථා මාර්ගයකින් නිවසට ජලය ලබාගෙන තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාරවරයා ඇතුළු නිලධාරීන්ට එය නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එය ද විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34