“උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” – වතුර බිල දෙන්න ගිය ආදායම් සහකාරවරයෙක්ට ගුටි පූජාවක් (ඡායාරූප)

ඇරැව්වල, මාලිගාවත්ත පාර ප්‍රදේශයේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය ආදායම් සහකාරවරයෙකුට නිවෙස් හිමියා විසින් පහර දී ඔහුගේ බිල් පොතට අලාභ හානි සිදුකළ පුවතක් වාර්තා වනවා.

“උඹලා වතුර කැපුවා මදිවට, බිල දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලී වෙමින් නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පහර දී ඔහු සතුව තිබූ බිල් පොත උදුරාගෙන වතුර බැරලයකට දමා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාරවරයෙක් බව සඳහන්.

මෙම අදායම් සහකරවරයා අද (30) පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ ජල බිල්පත් නිකුත් කරමින් සිටි අවස්ථාවේ දී මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීම සිදුකළ නිවෙස් හිමියා 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඔහුට අදාළ ජල බිල්පත නොගෙවා තිබූ අතර, ඒ හේතුවෙන් ඉකුත් මාසයේ දී මාසයේ දී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අදාළ නිවෙස් හිමියාගෙන් මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14,000 ඉක්ම වූ මුදලක් අයවිය යුතු බවයි ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

එලෙස ජල සැපයුම විසන්දි කර තිබූ අවස්ථාවේ දී ඔහු විසින් අයථා මාර්ගයකින් නිවසට ජලය ලබාගෙන තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාරවරයා ඇතුළු නිලධාරීන්ට එය නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එය ද විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?