උමගේ සිරවූවන් බේරා ගන්න අලුත් මෙහෙයුමක්

උතුරු ඉන්දියාවේ කඩා වැටුණු උමගක් තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරා ගැනීමේ උත්සාහයන් පුළුල් කර තිබෙනවා. කඳු මුදුනේ සිට පහළට කුහරයක් කැණීම ද ඊට ඇතුළත්.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ පිහිටි ස්ථානයේ විදුම් යන්ත්‍රය තැබීමට ස්ථානයක් සූදානම් වෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කම්කරුවන් වෙත ළඟා වීමට තවත් උත්සහයක් උමඟේ ආරම්භක විවරයෙන් ද සිදු කෙරෙනවා. එහි කඩා වැටී ඇති සුන්බුන් ඉවත් කිරීමට ගත් උත්සාහයන් තුනක් මේ වන විට අසාර්ථක වී තිබෙනවා.

ඉදිවෙමින් පවතින උමගෙහි කොටසක් පසුගිය ඉරිදා නාය යාමෙන් පසු කඩා වැටුණු අතර එතැන් සිට මේ දක්වා සතියක කාලයක් කම්කරුවන් 40 දෙනෙකු උමග තුල සිරවී සිටිනවා.

සහන කණ්ඩායම් ඔවුන් සමඟ සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යන අතර ඔවුන්ට ඔක්සිජන් සහ ආහාර සැපයීම ද සිදු කෙරෙනවා.

ගලවා ගැනීමේ නවතම උත්සාහය පැහැදිලි කරමින් උත්තර්කාෂි හි දිස්ත්‍රික් නිලධාරි ඩීපී බලුනි පැවසුවේ උමගට ඉහළින් ස්ථානයක් හඳුනාගෙන සලකුණු කර ඇති අතර එතැන් සිට කම්කරුවන් සිරවී සිටින ස්ථානය දක්වා කුහරයක් කැණීමට සැලසුම් කර ඇති බවයි.

එහි ගැඹුර අඩි 300ත් 350ත් (මීටර් 90-105) අතර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නිලධාරීන් පවසන්නේ සියල්ල සැලසුම් සහගතව සිදුවුවහොත් මුදාගැනීම සඳහා තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බවයි. ඊයේ ගලවා ගැනීමේ නිලධාරීන් සහ සිරවී සිටින සේවකයන්ගේ මිතුරන් අතර ගැටුමක් ද ඇති වූ බව සඳහන්.

උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ සිල්ක්‍යාරා උමං මාර්ගය උත්තරකාන්ද් හි සුප්‍රසිද්ධ වන්දනා ස්ථාන සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා රජය ස්ථාපිත කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසක්.

හිමාල කඳු මුදුන් සහ ග්ලැසියර කිහිපයක් පිහිටා ඇති කඳුකර ප්‍රාන්තය හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක නිවහන ලෙසටයි සැලකෙන්නේ.

ඒ ආසන්නයේ ඇති වූ නාය යෑමක් හේතුවෙන් උමග මතට විශාල පස් සහ ගල් ඇතුලු සුන්බුන් වැටී ඇති අතර, දොරටුවේ සිට මීටර් 200ක් පමණ දුරින් වූ කොටසක් කඩා වැටී තිබෙනවා.

ඉදිකිරීම් කටයුතු සඳහා පිහිටුවා ඇති ජල නළ මාර්ගයක් මගින් ඇතුළත සිටින සේවකයන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීම සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48


?