උමගේ සිරවූවන් බේරා ගන්න අලුත් මෙහෙයුමක්

උතුරු ඉන්දියාවේ කඩා වැටුණු උමගක් තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරා ගැනීමේ උත්සාහයන් පුළුල් කර තිබෙනවා. කඳු මුදුනේ සිට පහළට කුහරයක් කැණීම ද ඊට ඇතුළත්.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ පිහිටි ස්ථානයේ විදුම් යන්ත්‍රය තැබීමට ස්ථානයක් සූදානම් වෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කම්කරුවන් වෙත ළඟා වීමට තවත් උත්සහයක් උමඟේ ආරම්භක විවරයෙන් ද සිදු කෙරෙනවා. එහි කඩා වැටී ඇති සුන්බුන් ඉවත් කිරීමට ගත් උත්සාහයන් තුනක් මේ වන විට අසාර්ථක වී තිබෙනවා.

ඉදිවෙමින් පවතින උමගෙහි කොටසක් පසුගිය ඉරිදා නාය යාමෙන් පසු කඩා වැටුණු අතර එතැන් සිට මේ දක්වා සතියක කාලයක් කම්කරුවන් 40 දෙනෙකු උමග තුල සිරවී සිටිනවා.

සහන කණ්ඩායම් ඔවුන් සමඟ සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යන අතර ඔවුන්ට ඔක්සිජන් සහ ආහාර සැපයීම ද සිදු කෙරෙනවා.

ගලවා ගැනීමේ නවතම උත්සාහය පැහැදිලි කරමින් උත්තර්කාෂි හි දිස්ත්‍රික් නිලධාරි ඩීපී බලුනි පැවසුවේ උමගට ඉහළින් ස්ථානයක් හඳුනාගෙන සලකුණු කර ඇති අතර එතැන් සිට කම්කරුවන් සිරවී සිටින ස්ථානය දක්වා කුහරයක් කැණීමට සැලසුම් කර ඇති බවයි.

එහි ගැඹුර අඩි 300ත් 350ත් (මීටර් 90-105) අතර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නිලධාරීන් පවසන්නේ සියල්ල සැලසුම් සහගතව සිදුවුවහොත් මුදාගැනීම සඳහා තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බවයි. ඊයේ ගලවා ගැනීමේ නිලධාරීන් සහ සිරවී සිටින සේවකයන්ගේ මිතුරන් අතර ගැටුමක් ද ඇති වූ බව සඳහන්.

උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ සිල්ක්‍යාරා උමං මාර්ගය උත්තරකාන්ද් හි සුප්‍රසිද්ධ වන්දනා ස්ථාන සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා රජය ස්ථාපිත කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසක්.

හිමාල කඳු මුදුන් සහ ග්ලැසියර කිහිපයක් පිහිටා ඇති කඳුකර ප්‍රාන්තය හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක නිවහන ලෙසටයි සැලකෙන්නේ.

ඒ ආසන්නයේ ඇති වූ නාය යෑමක් හේතුවෙන් උමග මතට විශාල පස් සහ ගල් ඇතුලු සුන්බුන් වැටී ඇති අතර, දොරටුවේ සිට මීටර් 200ක් පමණ දුරින් වූ කොටසක් කඩා වැටී තිබෙනවා.

ඉදිකිරීම් කටයුතු සඳහා පිහිටුවා ඇති ජල නළ මාර්ගයක් මගින් ඇතුළත සිටින සේවකයන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීම සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51