උපාධිධාරී ගුරු විභාගය ළඟදීම පවත්වන බව අගමැතිනිය කියයි

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, අනුව අධිකරණ කටයුතු අවසන් වූ වහාම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරීන්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

එමෙන්ම අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදිම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය මෙහිදී සඳහන් කළා.

මේ අතර ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත් කතයුථුඉ කරන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?