උප්පැන්න සහතියෙන් ජාතිය ඉවත් කරන්න ඉල්ලීමක්…

ශ්‍රී ලංකාවේ දැනට නිකුත් කරන උප්පැන්න සහතිකයේ දරුවාගේ ජාතිය සඳහන් නොකර සිටීමට හැකියාවක් තිබේදැයි විමසා ලබන පෙබරවාරි මස 17 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද දැනුම් දුන්නා.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් එම කරුණු විමසීම සිදුකරන ලෙසයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද සළකා බැලුණු අවස්ථාවේදී මෙම දැනම්දීම සිදුකෙරුණා.

සිය පුත්‍රයාගේ උප්පැන්න සහතිකය තුළ ජාතිය ඇතුළත් නොකරන ලෙස කරන ලද ඉල්ලීමක් හේතුවෙන් එම උප්පැන්නය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු එලෙස රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ සිය පුත්‍රයාගේ උප්පැන්නය ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි ජාතිය සඳහන් වන ස්ථානයේ කිසිවක් සඳහන් නොකර හිස්ව තබන ලෙස තමා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එම ඉල්ලීම වගඋත්තරකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ සඳහන් කලා.සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ටාර් ජෙනරාල්වරයා ගත් තීරණය යුක්ති සහගත නොවන බවත් එය ඔහුට පැවරී තිබෙන බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවත් රිට් පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.ඒ අනුව සිය පුත්‍රයාගේ උප්පැන්නය ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?