උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීමට පියවර

උපයනවිට බද්ද සංශෝධනය විය යුතු ආකාරය ගැන සති දෙකක් තුල වාර්ථාවක් ලබා දෙන ලෙසට ආංශික අධීක්ෂණ කාරක සභාව වෘත්තීය සංගම්වලට දැනුම් දී තිබෙනවා.

උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ.

ඒ බදු සංශෝධන ක්‍රියාවලිය ඔස්සේ බලපෑමට ලක්වූ වෘත්තිකයින් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පාර්මෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම සාකච්ජාවේදී බදු සංශෝධනවලින් බලාපොරොත්තු වූ දේ සහ අරමුණු ඉටුවී තිබේද, ඒ ඔස්සේ බලාපොරොත්තු වූ ආදායම් උපාය ගැනීමට හැකිවී තිබේද යන්න පිළිබඳ දීර්ඝ ලෙස වෘත්තීය සංගම් නියෝජිතයින් අදහස් පළ කර තිබෙනවා. එම නියෝජිතයින් පැවසුවේ බදු සංශෝධනය තුළ උපයන විට බද්ද සඳහා සිදු කළ සංශෝධන හේතුවෙන් බොහෝ වෘත්තිකයින් පීඩාවට පත්ව ඇති බවයි.

උපයන විට බද්ද සංශෝධනය කිරීම ඔස්සේ රජය, මේ වසරේ අපේක්ෂිත අදායම් ඉලක්කවලට වඩා තවමත් පහළින් සිටින බව සාකච්ජාව සඳහා සහභාගී වූ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් බදු සංශෝධනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස්වලට සහන සලසා දීමට කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීන් කියාසිටියේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිටත් බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවූ පිරිස සම්බන්ධ කර ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් (Bulk Registration) මෙම සතිය තුල ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

බදු ගැටලුව හේතුවෙන් වෘත්තිකයින් රට හැරයාම දක්වා ගැටලුවේ සංකීර්ණතාවයත්, බරපතලකමත් කමිටුව විසින් මෙහිදී පිළිගෙන තිබෙනවා. එබැවින් රජයට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) මෙම ගැටලුව විසදීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කරන බවයි කමිටුව, වෘත්තීය සංගම් නියෝජිතයින්ට සහතික වී ඇත්තේ.

ඉදිරියේදී හෝ බදු සංශෝධන සිදුවන විට ඒ ඒ වෘත්තීන් සඳහා බදු පැනවිය යුතු ආකාරය ගැන ප්‍රතිපත්තියක් සකස් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ නීතිමය ලියවිල්ලක් බවට පත්කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව සති දෙකක් තුල සියලුම පාර්ශ්වවල එකඟතාවයෙන් උපයන විට බද්දේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව වාර්තාවක් සකස් කර කමිටුව වෙත භාර දෙන ලෙසටයි සභාපතිවරයා අදාළ වෘත්තීය සංගම් නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?