සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (02) පෙරවරුවේ අගලවත්ත, පිඹුර මූලික රෝහල නිරීක්ෂණය සඳහා පැමිණියා.
මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යවරයා උපත ලැබූ රෝහල වීමද විශේෂත්වයක්.
රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මේ වනවිට වසා දමා ඇති රෝහලේ ගර්භනී වාට්ටුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමටයි උපදෙස් ලබා දී ඇත්තේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට තුළ අභියෝගාත්මක අමාත්‍යාංශයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්ව තිබෙන බවත් පෙරට වඩා ඉතාමත්ම සැලකිලීමත්ව ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සිතා බැලිය යුතු බවයි.
එමෙන්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීම සඳහා රජය ඉදිරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1