උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කෙරේ

ජපානයේ ටෝකියෝ නුවරදී ලබන මස 23 වනදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපත් පාලන කොපු 160,000ක් නොමිලේ නිකුත් කිරීමට මෙවර ඔලිම්පික් සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ එම උපත් පාලන කොපු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව තුල කිසිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවකට භාවිත කිරීමට අවසර ලබා නොදෙන බවයි.

එලෙස ලැබෙන උපත් පාලන කොපු ඔලිම්පික් තරඟාවලිය අවසන් වූ පසු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිහිවටනයක් ලෙස රැගෙන යාමට අවසර හිමිවන බවයි සංවිධායකයින් වැඩිදුරටත් පවසන්නේ.

ගෝලීයව පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තරඟාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික වශයෙන් කිසිඳු සබඳතාවක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව මෙවර ඔලිම්පික් සංවිධායකයින් පවසා සිටියා.

ඔලිම්පික් ගම්මානයේ රඳවනු ලබන සියලු දෙනා සමාජ දුරස්ථ භාවය පිළිබඳ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැඩිව ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඔලිම්පික් තරඟාවලියට දේශීය ප්‍රේක්ෂකයන් සහභාගි කරගන්නේද නැද්ද යන්න පිළිබඳ අනිද්දා රැස්වී අවසන් තීරණයක් ගැනීමට සංවිධායක මණ්ඩලය සූදානම් වනවා.

කොරෝනා වසංගතය පැතිරීම අවම කරගැනීමේ අරමුණින් ප්‍රේක්ෂකයන් නොමැතිව තරගාවලිය පැවැත්විය යුතු බවයි එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔලිම්පික් තරගාවලිය සඳහා අවම ප්‍රේක්ෂක පිරිසක් සහභාගි කරගැනීමට ඔලිම්පික් සංවිධායක කමිටුවේ  අවධානය යොමු ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටයි නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම තරඟාවලියට විදෙස් ප්‍රේක්ෂකයන් සහභාගි කර නොගැනීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?