උඳුවප් පොහෝ දා දසත ‘බෝපත’ මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දවස පුරා

මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (04) දිනට දී තිබෙනවා.

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් දසත ටීවී බෝපත පොහෝ දින වැඩසටහන අද දිනය පුරාවට මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

උදෑසන ආරම්භ වූ මෙම වැඩසටනේ උදෑසන සම්බුද්ධ පූජාව සහ අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් කරවීම සිදු කරනු ලැබුවේ පූජ්‍ය බලපිටියේ සුමන පණ්ඩිත ස්වාමින් වහන්සේ විසින්.

එමෙන්ම උදෑසන ධර්ම දේශනය, මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කෝන්වැවේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබනවා.

කාලීන ධර්ම සාකච්ඡාව සහ බෝධි පූජාව ඇතුළු පිංකම් රැසකින් සමන්විත දසත බෝපත වැඩසටහන පියෝ ටීවී නාලිකා අංක 18, ෆ්‍රී සැට් නාලිකා අංක 19 සහ දසත ටීවී ඩිජිටල් අවකාශය ඔස්සේද සැදහැති ඔබට නැරඹිය හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?