උද්ධමනය නිසා මෙරට අධිබර හා ස්ථුලතාව පහළට

මෙරට ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අධි බර සහ ස්ථුලතාව අඩු වී ඇති බව හෙළි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණ වී ඇත්තේ. ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය විශාල ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.

එම සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ වියදම් ඉහළ යාම හමුවේ ක්ෂණික ආහාර ලබා නොගැනීම, පැණි බීම භාවිතය අඩු කිරීම මෙන්ම කෙටි ගමන් සඳහා කුලී රථ යොදා නොගැනීම වැනි කටයුතු පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.

දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 105ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?