උදයන් එක්ස්ප්‍රස් ගිනි ගනී (වීඩියෝ)

මුම්බායි සිට බැංගලෝරය දක්වා ගමන් ගන්නා උදයන් එක්ස්ප්‍රස් දුම්රිය ගමනාන්තය වෙත පැමිණි පසු එහි ගින්නක් හටගෙන තිබෙනවා.

බැංගලෝර් හි සංගෝල්ලි රයාන්න දුම්රිය ස්ථානය පැමිණ තිබූ මෙම දුම්රියේ ගින්න හටගෙන ඇත්තේ අද පෙරවරු 7.00ට පමණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වායුසමනය කළ මෙම දුම්රියෙන් දුමාරයක් පිටවන බවට දුම්රිය ස්ථාන බලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එහි හටගෙන තිබූ ගින්න, ගිනි නිවන රථ යොදවා කඩිනමින් නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ දුම්රිය පැමිණ පැය දෙකකට පසු මෙම ගින්න හටගෙන ඇති බවයි.

මේ අතර ගින්නත් සමඟ විශාල දුමාරයක් දුම්රිය ස්ථාන පුරා පැතිර ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?