උදයන් එක්ස්ප්‍රස් ගිනි ගනී (වීඩියෝ)

මුම්බායි සිට බැංගලෝරය දක්වා ගමන් ගන්නා උදයන් එක්ස්ප්‍රස් දුම්රිය ගමනාන්තය වෙත පැමිණි පසු එහි ගින්නක් හටගෙන තිබෙනවා.

බැංගලෝර් හි සංගෝල්ලි රයාන්න දුම්රිය ස්ථානය පැමිණ තිබූ මෙම දුම්රියේ ගින්න හටගෙන ඇත්තේ අද පෙරවරු 7.00ට පමණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වායුසමනය කළ මෙම දුම්රියෙන් දුමාරයක් පිටවන බවට දුම්රිය ස්ථාන බලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එහි හටගෙන තිබූ ගින්න, ගිනි නිවන රථ යොදවා කඩිනමින් නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ දුම්රිය පැමිණ පැය දෙකකට පසු මෙම ගින්න හටගෙන ඇති බවයි.

මේ අතර ගින්නත් සමඟ විශාල දුමාරයක් දුම්රිය ස්ථාන පුරා පැතිර ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20