උතුරේ මහවිරු සතිය ජයටම

මහා විරු සතිය ආරම්භ වීමත් සමග යාපනය නල්ලුර් ප්‍රදේශයේදී මියගිය ත්‍රස්තවාදීන්ගේ නම් ඇතුලත් පුවරු කීපයක් අද දින (22)නිරාවරණය කොට තිබේ.

මේ හේතුවෙන් උතුරේ විවිධ ස්ථානවල සැමරුම් උත්සව පවත්වන ආකාරයක් දැකගත හැකි අතර නල්ලූර්වලදී මියගිය අයගේ නම් ඇතුළත් විශාල පළකයක් විවෘත වන ආකාරයද දැකගත හැකි විය.

මෙම ස්මාරක එළඹෙන 27 දක්වා එම ස්ථානයේ තබා තිබෙන බව එහි සංවිධායකයින් පවසයි.
කොටි ත්‍රස්තවාදීන්ගේ නිල පුෂ්පය වූ නියගලා මල යටතේ මෙම ස්මාරක ස්ථාපිත කොට තිබේ. එම අවස්ථාවට සහභාගි වූ පිරිස් එහිදී පහන් දල්වා මියගිය පිරිස් සමරන ලද අතර මෙම සතිය පුරාවට එම සැමරුම් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට යාපනය නගරාධිපති වී. මනිවන්නන් ඇතුළු පිරිසක් සහභාගී විය.

221121 Nallur Maaveerar memorial 2 1024x824 1
221121 Nallur Maaveerar memorial 3 651x1024 1
221121 Nallur Maaveerar memorial 4 1024x683 1
221121 Nallur Maaveerar memorial 1024x683 1
JAFFNA ltte 03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !