උතුරේ ද ක්‍රියාත්මක වෙන්නේ පවුල් දේශපාලනය පමණයි – අරුන් සිද්ධාර්

රට තුළ ජාතිවාදය, සහ ආගම් වාදය ඇති කරනු ලබන්නේ දේශපාලඥයන් විසින් බවත් මේ වන විට සිය දේශපාලන වාසි තකා එය කුලවාදය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇති බවත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසනවා.

එමෙන්ම රට තුළ ඇති කරන ජාතිවාදයට එකම විසඳුම සිංහල හා දමිළ භාෂාව සියලු පාසල්වල ඉගැන්වීම බව ද නායක හිමියන් සඳහන් කළා.

නායක හිමියන් මේ බව කියා සිටියේ,යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර් වෙත රටේ පවතින ආර්ථික සහ දේශපාලනය පිළිබඳව අදහස් දක්වමිනි.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ මගින් යෝජනා කර ඇති ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීම සඳහා අරුන් සිද්ධාර්ථ අද (13) පස්වරුවේ දී ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ව බැහැදැක එම ඉදිරි දේශපාලන යෝජනාවලිය නායක හිමියන් වෙත භාරදීම සිදුකළා.

අරුන් සිද්ධාර්ථ ද නායක හිමියන් වෙත කියා සිටියේ, දකුණේ මෙන්ම උතුරේ ද දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එකම පවුල් කීපයක් තුළ පමණක් බවය.

වයස අවුරුදු හැට ඉක්මවූ දේශපාලනඥයන් ඉවත්ව රටේ සිටින දක්ෂ සහ නිර්මාණශීලී තරුණ පරපුර වෙත රට භාරදිය යුතු බවත් නිදහසින් පසුව මිහිඳු මහරහතන් වහන්සේගේ දහම කිසිදු නායකයෙකු පිළි නොගන්නා බවත් නායක හිමියන් පැවසූවා.

ජනතාව බලාපොරොත්තු වන විමුක්තිය 1948 සිට මේ දක්වා කිසිදු පාලකයෙකු ළඟ නොතිබෙන බැවින් තවදුරටත් කිසිවකු රැවටිය යුතු නැති බවත් නායක හිමියන් පවසනවා.

එල්ටීටී සංවිධානය සහ ජාතික ජන බලවේගය යන කණ්ඩායම් දෙකම එකම පිරිසක් බවත් ඉන්දියාවට ප්‍රසිද්ධියේ බැන බැන ඔවුන් සමග සම්බන්ධතා පවත්වන බවත් ජාතික ජන බලවේගය සිදු කළ යුත්තේ මර්දනකාරී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවට අන් අයගේ අදහස් වලට ද අවස්ථාව ලබාදීම බවත් අරුන් සිද්ධාර්ථ පවසනවා.

වසර තිහක් පුරා පැවති උතුරේ යුද්ධය සඳහා ඩොලර් බිලියන දෙසීයක මුදලක් රටේ මුදල් වැය වී ඇති බවත් ඒ සඳහා රටේ දේශපාලනඥයන් වගකිව යුතු බවත් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?