AFC Banner
AFC Banner
Empty Ad

උතුරේ ආරක්ෂක බලය ඉවතට ? – නාමල්ගෙන් ආන්දෝලනාත්මක X සටහනක් (ඡායාරූපය)

උතුරු පළාතේ ආරක්ෂක බලය ඉවත් කිරීමක් සහ ඉඩම් යළි සිවිල් ජනතාවට පැවරීමක් සම්බන්ධයෙන් වන X සටහනක් පිළිබඳ ව වන ප්‍රවෘත්තියක් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ; ලැබී ඇති තොරතුරු අනුව උතුරු පළාතේ යුද හමුදා කඳවුරක් ඉවත් කර ඇති බවත් රජයට ගත් ඉඩම් නැවත සිවිල් ප්‍රජාවට මුදාහැර ඇති බවයි.

එමෙන්ම ඉදිරියේ දී තවත් එවැනිම කඳවුරු රැසක් ඉවත් කිරීමට නියමිත බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඉඩම් නිදහස් කිරීම ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර සිදු කරන්නේ නම් වඩාත් සුදුසු බවයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ.

ජාතික ආරක්ෂාවට හානි කරමින් එය සිදු නොකළ යුතු බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව වසර 30ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ රටක් බවත්; අද සියලුම ප්‍රජාවන් නිදහස භුක්ති විඳින්නේ අහිමි වූ ජීවිත දහස් ගණනක වන්දි ගෙවීමෙන් බවත් උතුරේ හෝ දකුණේ හෝ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම අතිශය වැදගත් බවත් එම X නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
24
+1
3
+1
3
+1
1
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?