උතුරු මැද හිටපු මහ ඇමතිට අධි චෝදනා

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629 ක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන් පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින එම පළාතේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්ට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් අධිකරණය නියෝග කළා.

2012 සහ 2014 කාලය තුළ අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් 5,379,629ක රජයේ මුදල් අවභාවිතාකිරීම සහ එම ඉන්ධන දීමනාව ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධි චෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විසින් උතුරු මැද හිටපු පළාත් මහ ඇමති රංජිත්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?