උතුරු බටහිර බෙංගාලයට සුළි කුණාටුවක්

උතුරු බටහිර බෙංගාලයේ ජලපායිගුරි දිස්ත්‍රික්කයේ ප්‍රදේශය කිහිපයකට ඊයේ හදිසියේම හමා ගිය කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටුවත් සමඟ හිම කැට සහිත තද සුළං ඇතිව ඇති අතර, මේ හේතුවෙන් පැල්පත් සහ නිවාස රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි කණුවලට සිදුවූ හානිය හේතුවෙන් විදුලි සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.

වැඩිම හානියට පත් ප්‍රදේශ අතර රාජර්හාත්, බර්නිෂ්, බකාලි, ජෝර්පක්ඩි, මධබ්ඩංග සහ සප්ටිබාරි යන ප්‍රදේශ පවතින අතර, කෘෂිකාර්මික ඉඩම් සහ භෝග අක්කර ගණනාවකට හානි සිදුව ඇති බව නිලධාරීන් පැවසුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කළ අතර, තමා නිලධාරීන් සමඟ සාකච්ඡාකර එයින් විපතට පත් වූවන්ට නිසි සහාය ලබාදෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?