උතුරු බටහිර බෙංගාලයට සුළි කුණාටුවක්

උතුරු බටහිර බෙංගාලයේ ජලපායිගුරි දිස්ත්‍රික්කයේ ප්‍රදේශය කිහිපයකට ඊයේ හදිසියේම හමා ගිය කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටුවත් සමඟ හිම කැට සහිත තද සුළං ඇතිව ඇති අතර, මේ හේතුවෙන් පැල්පත් සහ නිවාස රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි කණුවලට සිදුවූ හානිය හේතුවෙන් විදුලි සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.

වැඩිම හානියට පත් ප්‍රදේශ අතර රාජර්හාත්, බර්නිෂ්, බකාලි, ජෝර්පක්ඩි, මධබ්ඩංග සහ සප්ටිබාරි යන ප්‍රදේශ පවතින අතර, කෘෂිකාර්මික ඉඩම් සහ භෝග අක්කර ගණනාවකට හානි සිදුව ඇති බව නිලධාරීන් පැවසුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කළ අතර, තමා නිලධාරීන් සමඟ සාකච්ඡාකර එයින් විපතට පත් වූවන්ට නිසි සහාය ලබාදෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29