AFC Banner
AFC Banner
Empty Ad

උතුරු කොරියා – රුසියා මිත්‍රත්වය ගැන චීනය නොසන්සුන්

දිනෙන් දින වර්ධනය වන උතුරු කොරියානු – රුසියානු මිත්‍ර සබඳතාව ගැන චීන රජය නොසන්සුන් වී ඇති බව අමෙරිකාව පවසනවා.

අමෙරිකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ; යුක්‍රේනයට එරෙහිව යුද කිරීම සඳහා හමුදා යැවීමට උතුරු කොරියානු නායකයා රුසියාවට සහාය දෙන බවට චීනයේ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති බවයි.

මේ හේතුවෙන් රුසියාව සමඟ උතුරු කොරියාවේ සම්බන්ධය පිළිබඳ ව චීනය වඩ වඩාත් අපහසුතාවට පත්වන අතර, Pyongyang සහ මොස්කව් අතර වර්ධනය වන සහයෝගීතාව නොසන්සුන් බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කර්ට් කැම්බල් පවසනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට හමුදා භටයන් 10,000ක් යැවීමට උතුරු කොරියාවේ කිම් ජොන් උන් ගත් තීරණයට චීනය සහාය දෙන්නේ ද යන්න පිළිබඳව ආසියාවේ එක්සත් ජනපදයේ ආරක්ෂක හවුල්කරුවන් අතර වැඩෙන විවාදයකට මෙය තුඩු දී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු හමුදා මේ වනවිට රුසියාව තුළ සිටින බවත් පැවසෙනවා.

උතුරු කොරියාවේ හමුදා යැවීමට චීනය සහාය දක්වන බවට ජපාන විදේශ අමාත්‍යාංශය තුළ ද සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිලධාරීන් පවසන්නේ චීනය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින අතර, යුක්රේනයේ මිලිටරි හවුල්කාරිත්වය, නැගෙනහිර ආසියාවේ දකුණු කොරියාව සහ ජපානය සමඟ සන්ධාන ජාලයක් පිහිටුවීමට අමෙරිකානු තල්ලුවකට උපකාරී වනු ඇතැයි කනස්සල්ලට පත් විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?