නරේන්ද්‍ර මෝදිගේ සංචාරය වෙනුවෙන් මෙරට ප්‍රධාන මාර්ග වැහෙන්නේ මෙහෙමයි

අද (04) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අද පස්වරු 06 සිට රාත්‍රී 10 තෙක් කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයක දී වසා දැමීමට කටයුතු කරන බවයි.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ ව අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට ද පොලිසිය දැනුම්දී තිබෙනවා.

හෙට (05) දින ගාලුමුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයක දී වසා තැබීමට කටයුතු කරනු ලබනු ඇති.

මෙම කාලසීමාව තුළ දී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාව අවම කරගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අනිද්දා (06) දින පෙරවරු 07.30ත් 10.30ත් අතර කාලයේ අනුරාධපුර නගරය, ශ්‍රී මහා බෝධිය සහ දුම්‍ රියපොළ ආශ්‍රිත ව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ඇති.

එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවකින් තොරව තම කටයුතු සිදු කරගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව රථවාහන හසුරුවන නිලධාරීන් විසින් සිදු කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14