උතුම් දුරුතු පොහෝ දිනය අදයි – ‘දසත බෝපත’ අද මීගමුව, දකුණු කදිරාන ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ සිට

වසරේ පළමු පොහොය දිනය ලෙස සැළකෙන උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම දුරුතු පොහෝ දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවන්නේ දුරුතු පොහෝ දිනයේ වන අතර, මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්ෂයින් දමනය කිරීම අද වැනි පොහෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වනවා.

බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ලබාදීම ද දුරුතු පෝදා සිදු වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයකයි.

එමෙන්ම අදට දී ඇති දුරුතු පොහෝ දිනය වෙනුවෙන් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙනවා.

මේ අතර “දසත බෝ පත” වැඩසටහන මෙවර විකාශය කෙරෙන්නේ මීගමුව, දකුණු කදිරාන ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ සිටයි.

ඒ අනුව අද දවස පුරා දසත නිල ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ “දසත බෝපත” දුරුතු පෝ දා සජීවී වැඩසටහන සමගින් සම්බන්ධවීමේ හැකියාව ඔබට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?