උතුම් දුරුතු පොහෝ දිනය අදයි – ‘දසත බෝපත’ අද මීගමුව, දකුණු කදිරාන ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ සිට

වසරේ පළමු පොහොය දිනය ලෙස සැළකෙන උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම දුරුතු පොහෝ දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවන්නේ දුරුතු පොහෝ දිනයේ වන අතර, මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්ෂයින් දමනය කිරීම අද වැනි පොහෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වනවා.

බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ලබාදීම ද දුරුතු පෝදා සිදු වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයකයි.

එමෙන්ම අදට දී ඇති දුරුතු පොහෝ දිනය වෙනුවෙන් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙනවා.

මේ අතර “දසත බෝ පත” වැඩසටහන මෙවර විකාශය කෙරෙන්නේ මීගමුව, දකුණු කදිරාන ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ සිටයි.

ඒ අනුව අද දවස පුරා දසත නිල ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ “දසත බෝපත” දුරුතු පෝ දා සජීවී වැඩසටහන සමගින් සම්බන්ධවීමේ හැකියාව ඔබට පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28