උත්සව සමය වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් – 22කට නඩු

අකුරැස්ස ප්‍රදේශයේ වසවිස සහිත කල් ඉකුත් වූ ආහාර අලෙවිකරමින් සිටි පුද්ගලයන් 22දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසනවා.

උත්සව සමයේ විවිධ ජාවාරම් ක්‍රියාත්මක බවට ලැබුණු පැමිණිලි මත තොග, සිල්ලර වෙළෙදසැල් හා හෝටල් 51ක සිදුකළ පරීක්ෂාවේදී මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි පියවරගනු ලැබුවේ.

කල් ඉකුත්වූ ආහාර විකීණීමට තබා ගැනීම, පිසූ ආහාර සමග අමු මස් – මාළු එකම ශීතකරණයේ එකටම ගබඩා කිරීම , අත් මේස් භාවිතා නොකිරීම, මුඛ ආවරණ නොපැළදීම, කුණුකසල නිසිලෙස බැහැර නොකිරීම සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ ආහාර ද්‍රව්‍ය යන වැරදි සදහා මෙලෙස නඩු පවරා තිබෙනවා.

විදේශ රටවලින් ආනයනික ආහාර නිෂ්පාදන, එම රටවල භාෂාවෙන් පමණක් සදහන් කර වෙළෙඳපොළ තුළ වැඩිවැඩියෙන් මෙවර අලෙවියට තබා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ.

මෙම මෙහෙයුමේදී තැලුණු පොඩිවුණු සැමන් ටින් ඉතාම අඩුම මුදලකට හොටල් වැනි විශාල වශයෙන් ආහාර සකස්කරන ආයතනයන්ට විකිණීමේ ජාවාරමක් කොටු කර ගැනීමටත් හැකි වුණා.

එසේ විකිණූ සැමන්ටින් තොගයක් ආහාරයට ලබා දුන් අකුරැස්ස නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසු සිසුවියන් 41දෙනෙකුට ඇතිවූ අසාත්මිකතාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අප අණාවරණය කළා.

මෙහිදී තැලුණු සැමන්ටින් විශාල ප්‍රමාණයක් රුපියල් 2000කට හොටෙලයකට අලෙවි කිරීමට යාමේදී කොටුකර ගැනීමට ද හැකි වුණා.

අකුරැස්ස නගරය හා අවට තදාසන්න ප්‍රදේශවල කළ මෙම මෙහෙයුමට මාතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?