උත්සව සමය වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් – 22කට නඩු

අකුරැස්ස ප්‍රදේශයේ වසවිස සහිත කල් ඉකුත් වූ ආහාර අලෙවිකරමින් සිටි පුද්ගලයන් 22දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසනවා.

උත්සව සමයේ විවිධ ජාවාරම් ක්‍රියාත්මක බවට ලැබුණු පැමිණිලි මත තොග, සිල්ලර වෙළෙදසැල් හා හෝටල් 51ක සිදුකළ පරීක්ෂාවේදී මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි පියවරගනු ලැබුවේ.

කල් ඉකුත්වූ ආහාර විකීණීමට තබා ගැනීම, පිසූ ආහාර සමග අමු මස් – මාළු එකම ශීතකරණයේ එකටම ගබඩා කිරීම , අත් මේස් භාවිතා නොකිරීම, මුඛ ආවරණ නොපැළදීම, කුණුකසල නිසිලෙස බැහැර නොකිරීම සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ ආහාර ද්‍රව්‍ය යන වැරදි සදහා මෙලෙස නඩු පවරා තිබෙනවා.

විදේශ රටවලින් ආනයනික ආහාර නිෂ්පාදන, එම රටවල භාෂාවෙන් පමණක් සදහන් කර වෙළෙඳපොළ තුළ වැඩිවැඩියෙන් මෙවර අලෙවියට තබා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ.

මෙම මෙහෙයුමේදී තැලුණු පොඩිවුණු සැමන් ටින් ඉතාම අඩුම මුදලකට හොටල් වැනි විශාල වශයෙන් ආහාර සකස්කරන ආයතනයන්ට විකිණීමේ ජාවාරමක් කොටු කර ගැනීමටත් හැකි වුණා.

එසේ විකිණූ සැමන්ටින් තොගයක් ආහාරයට ලබා දුන් අකුරැස්ස නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසු සිසුවියන් 41දෙනෙකුට ඇතිවූ අසාත්මිකතාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අප අණාවරණය කළා.

මෙහිදී තැලුණු සැමන්ටින් විශාල ප්‍රමාණයක් රුපියල් 2000කට හොටෙලයකට අලෙවි කිරීමට යාමේදී කොටුකර ගැනීමට ද හැකි වුණා.

අකුරැස්ස නගරය හා අවට තදාසන්න ප්‍රදේශවල කළ මෙම මෙහෙයුමට මාතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:39
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48
Video thumbnail
පක්ෂ 50කට ආරාධනා කළා..කැම්බල් නම් ශ්‍රී ලංකා තමයි..බය වෙන්න දෙයක් නෑ
02:31
Video thumbnail
හැකර්ලගෙන් බම්බු තමයි ගන්න වෙන්නේ..JVP එක හෙළුවෙන් නටන්නේ - චාමර ආණ්ඩුවට දුන්න සැර හින්ට් එක
02:44
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32