උත්සව සමයේ වෙනුවෙන් ගාලු මුවදොරට මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්

පවතින උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” හෙට (21) දිනයේ සිට ස්ථාපිත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය මහජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් ස්ථාපිත කර තිබෙනවා.

ගාලු මුවදොර ප්‍රදේශයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම, පවතින තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම සහ ඕනෑම හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ බවයි පැවසෙන්නේ.

ආරක්‍ෂක සහ සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව, හදිසි වෛද්‍ය අවශ්‍යතා සහ ප්‍රථමාධාර සැපයීම සඳහා ගිලන් රථ සේවාවන් සහ වෛද්‍ය සහාය ද එම පරිශ්‍රයේ සලසා තිබෙනවා.

මහජනතාවගේ පහසුව සඳහා හදිසි සම්බන්ධීකරණ, ගිලන් රථ සේවා සහ පොලිස් සහාය ලබාගැනීමට 071 859 5880 යන දුරකථන අංකය භාවිත කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?