spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

උත්තම නිසැක ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අද රත්ගමින් ගමන් අරඹයි (වීඩියෝ)

“දසත බෝපත’ පොසොන් පුන් පොහෝ දින පුන්‍ය මහෝස්තවයට සමගාමීව අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑයේ තැන්පත් කරවීම පිණිස තායිලන්තයෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ අද (16) රත්ගම මහා මණ්ඩලාරාමයේ සිට වැඩම කරවීම ආරම්භ වුණා.

බේරුවල දූව පන්සල දක්වා රථ පෙරහැරකින් වැඩම කරවන මෙම උත්තම ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවත් ඔබට අවස්ථාව හිමිවනවා.

“දසත බෝපත” පොසොන් පුන් පොහෝ දින පුන්‍ය මහෝස්තවයට සමගාමීව තායිලන්තයෙන් වැඩම කරවන ලද අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහතන් වහන්සේ පහළොස් නමකගේ උත්තම ධාතූන් වහන්සේ මාතර සිට අලව්ව දක්වා වන රථ පෙරහැරකින් වැඩමවීමේ පුණ්‍ය උත්සවය ඊයේ (15) ආරම්භ වුණේ මාතර බෝධිය අසළින්.

මෙම උත්තම ධාතුන් වහන්සේ අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි සෑයට පූජා කිරීම සඳහාවන රථ පෙරහැර අද ආරම්භ  කෙරුණේ රත්ගම මහා මණ්ඩලාරාමයේ සිටයි.

තවත් පුරා දින 06 ක් වීථි සංචරය කරනු ලබන මෙම සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රථ පෙරහර අද බේරුවල ඔස්සේ, දූව පන්සල දක්වා වැඩම කරවීම දැක බලා ගැනීම සඳහා විශාල ජනකායක් මාර්ගය දෙපස රැස්ව සිටියා.

බේරුවල දූව පන්සල අසලින් හෙට (17) පෙරවරු 8.00ට ගමන් අරඹන මෙම චාරිකාව රත්මලාන ඔස්සේ ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරය දක්වා පැමිනෙනු ඇති.

ජූනි 18 පෙරවරු 8.00 ට ගල්කිස්ස ශ්‍රී සුමනාරාම විහාරයෙන් ගමන් අරඹා නුවර පාර ඔස්සේ කිරිල්ලවල, ශ්‍රී ජයවර්ධන විහාරය මේ රථ පෙරහැර ගමන් ගන්නේ චාරිකාවේ පස් වැනි දිනයේයි.

ජූනි 19 පෙරවරු 8.00 ට කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරයෙන් ගමන් අරඹා මීරිගම ඔස්සේ මාහාරගම බෝධිය දක්වා පැමිණෙන මේ රථ පෙරහැර අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිම වෙත ගමන් ආරම්භ කරන්නේ ජූනි 21 වන දින පෙරවරු 8.00යි.

එලෙස ගමන් අරඹන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඩම කරවන මහ පෙරහැර, මහා සංඝරත්නය 100 නමක් පෙරටු කොටගනිමින් ගුවනින් සිදුකරන පුෂ්ප උපහාර මැද “දසත බෝපත” සංකල්පයේ නිර්මාතෘ දසත මාධ්‍ය ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්.මධුසංක මහතාගේ සුරතින් අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිමේ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලබනවා.

ජූනි 21 වැනිදා සිට පුරා දින 07ක් මුළුල්ලේ එලෙස තැන්පත් කරන ලද ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ පහළොස්නමකගේ උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ඔබට හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?