spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට රේල්ලුව පස් කන්දක් නිසා අවහිර වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (14) පස්වරු පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණි බව බදුල්ල දුම්රිය ස්ථානය පවසනවා.

අද සවස පැවැති ධාරානිපාත වර්ෂාවත් සමග කිලෝමීටර් 176 කණුව ආසන්නයේ දීයි; මෙම පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇත්තේ.

මේ හේතුවෙන් මහනුවර සිට බදුල්ල බලා පැමිණෙමින් තිබු අංක 1126 දරන දුම්රිය මේ වනවිට එම ස්ථානයට නුදුරින් නවතා ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඒ අනුව අද දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් බදුල්ල දුම්රිය ස්ථානයේ කාර්ය භාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?