නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනයවන ‘ටිකිරි මැණිකේ’ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයෙන් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
අද (21) උදෑසන 7.15 ට පමණ එම දුම්රියේ මැදිරි තුනක් මෙලෙස පීලි පැනිමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස පීලි පැනීමට ලක් වූ මැදිරියක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ගොඩනැගිල්ලක ගැටීමෙන් එම ගොඩනැගිල්ලට ද අලාභ හානි සිදුව තිබෙනවා.





ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1




