උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට – රාත්‍රී තැපැල් දුම්රියත් අද සිට ධාවනයට

උඩරට දුම්රිය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රියන් අද (21) දිනයේ සාමාන්‍ය පරිදි ධානය කිරීමට කටයුතු කරන බවයි.

හෙට (22) දිනයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 9.45 ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 10.20ට ධාවනය වන දුම්රියන් දෙක පමණක් අවලංගු වන අතර, උඩරට මාර්ගයේ අනෙකුත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?