උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දක්වා සීමා කරයි

නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලි පැනීමට ලක් වූ ටිකිරි මැණිකේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පීලි පැනිමට ලක් වූ දුම්රිය මැදිරි පීලිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගී ප්‍රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109¼ සැතපුම් කණුව අසලදි පීලි පැනීමට ලක් වී තිබුණා.