උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා – රාත්‍රී තැපැල් දුම්රියත් අවලංගුයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇණ හිටි උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (22) මධ්‍යහන 12.00 දක්වා එම කටයුතු යථා තත්ත්වයට පත්කළ නොහැකි බවයි.

මේ හේතුවෙන් අද (21) රාත්‍රියේ උඩරට මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ද ධාවනය නොවන බව දැනුම් දෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමත් සමඟ දුම්රියක් පීලි පැනීමකට ලක්වුණා.

ඒ හේතුවෙන් පෙරේදා (19) දිනයේ සිට ර්දරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

ඒ අනුව එම මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය මහනුවර දක්වාත් සීමා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?