AFC Banner
Empty Ad
Empty Ad

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ අතර දුම්රියක් අද (16) දහවල් පිලී පැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.

එම මාර්ගයේ 155 1/2 වන සැතපුම් කණුව අසල දී දුම්රිය මෙලෙස පිලී පැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?