ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයම ඊයේ තීරණය කළා.
කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇතිකරගත් දින 04ක සටන් විරාමය ඊයේ (27) රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබුණා.
මේ අතර ඊශ්‍රායලය පවසා සිටින්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහාම සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීමේ කොන්දේසිය ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කිරීමත් සමඟ අවම වශයෙන් ගාසා තීරයේ රඳවා සිටින තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන රැඳවියන් 60 දෙනෙකු නිදහස ලබදීමට බලාපොරොත්තුව වන බව කටාර් රාජ්‍ය නිලධාරියෙකු පැවසුවා.
සිකුරාදා සිට ක්‍රියාත්මක සටන් විරාමය අතර තුර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල සහ ඊශ්‍රායල නොවන අය ඇතුළුව ප්‍රාණඇපකරුවන් 69 දෙනෙකු නිදහස් කර තිබෙනවා.




