ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ වෙයි – ඊශ්‍රායලයෙන් කොන්දේසියක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයම ඊයේ තීරණය කළා.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇතිකරගත් දින 04ක සටන් විරාමය ඊයේ (27) රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබුණා.

මේ අතර ඊශ්‍රායලය පවසා සිටින්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 දෙනෙක් සඳහාම සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීමේ කොන්දේසිය ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කිරීමත් සමඟ අවම වශයෙන් ගාසා තීරයේ රඳවා සිටින තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන රැඳවියන් 60 දෙනෙකු නිදහස ලබදීමට බලාපොරොත්තුව වන බව කටාර් රාජ්‍ය නිලධාරියෙකු පැවසුවා.

සිකුරාදා සිට ක්‍රියාත්මක සටන් විරාමය අතර තුර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල සහ ඊශ්‍රායල නොවන අය ඇතුළුව ප්‍රාණඇපකරුවන් 69 දෙනෙකු නිදහස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53