ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ මායිම් වැට ආසන්නයේ ස්ථානගතවීම අරඹයි

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ මායිම් වැට ආසන්නයේ ස්ථානගතවීම මේ වනවිට ආරම්භකර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ මිලියන 1.1ක පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත්ව දකුණු ප්‍රදේශයට නියෝග කිරීමෙන් පසු පලස්තීනුවන් දස දහස් ගණනක් අවතැන් වී ඇති බවයි වත වන්නේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් 724ක් ඇතුළුව අවම වශයෙන් පලස්තීනුවන් 2,329ක් මිය යන්නට ඇති බවයි අනුමාන කරන්නේ.

හමාස්ගේ හමුදා මෙහෙයුමෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව සොල්දාදුවන් 286 ක් ඇතුළුව 1,300ක්.

මේ අතර හිස්බුල්ලා සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාරයකින් තම භූමියේ සිටි පුද්ගලයෙකු මියයාමෙන් පසු ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ, ගාසා තීරයට එරෙහි “යුද අපරාධ” නතර කරන ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර ඇති පසුබිමකයි.

ලෙබනන් මාධ්‍යවේදී ඉසාම් අබ්දල්ලා සහ අනෙකුත් සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායලයේ ෂටූලා හි ඊශ්‍රායල හමුදා මුරපොළකට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසන්නේ.

මේ අතර සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක දී සංයමයෙන් කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සඳහන් කරනවා.

අද දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්ලෙවර්ලි කියා සිටියේ ඊශ්‍රායල රජය සමඟ කළ සංවාදවල දී සිවිල් ජීවිත හානි අවම කිරීමේ අවශ්‍යතාව තමන් මතු කළ බවයි.

මේ අතර එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාවක් වන USS Dwight D Eisenhower Carrier Strike Group නෞකාව, මීට පෙර මධ්‍යධරණී මුහුදට පැමිණි USS Gerald R Ford නෞකාවට සම්බන්ධ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22