AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ මායිම් වැට ආසන්නයේ ස්ථානගතවීම අරඹයි

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ මායිම් වැට ආසන්නයේ ස්ථානගතවීම මේ වනවිට ආරම්භකර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ මිලියන 1.1ක පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත්ව දකුණු ප්‍රදේශයට නියෝග කිරීමෙන් පසු පලස්තීනුවන් දස දහස් ගණනක් අවතැන් වී ඇති බවයි වත වන්නේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් 724ක් ඇතුළුව අවම වශයෙන් පලස්තීනුවන් 2,329ක් මිය යන්නට ඇති බවයි අනුමාන කරන්නේ.

හමාස්ගේ හමුදා මෙහෙයුමෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව සොල්දාදුවන් 286 ක් ඇතුළුව 1,300ක්.

මේ අතර හිස්බුල්ලා සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාරයකින් තම භූමියේ සිටි පුද්ගලයෙකු මියයාමෙන් පසු ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ, ගාසා තීරයට එරෙහි “යුද අපරාධ” නතර කරන ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර ඇති පසුබිමකයි.

ලෙබනන් මාධ්‍යවේදී ඉසාම් අබ්දල්ලා සහ අනෙකුත් සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායලයේ ෂටූලා හි ඊශ්‍රායල හමුදා මුරපොළකට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසන්නේ.

මේ අතර සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක දී සංයමයෙන් කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සඳහන් කරනවා.

අද දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්ලෙවර්ලි කියා සිටියේ ඊශ්‍රායල රජය සමඟ කළ සංවාදවල දී සිවිල් ජීවිත හානි අවම කිරීමේ අවශ්‍යතාව තමන් මතු කළ බවයි.

මේ අතර එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාවක් වන USS Dwight D Eisenhower Carrier Strike Group නෞකාව, මීට පෙර මධ්‍යධරණී මුහුදට පැමිණි USS Gerald R Ford නෞකාවට සම්බන්ධ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?