ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන හමුදා නායකයින් හා විද්‍යාඥයින්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

දින 12ක පැවති යුද ගැටුම් වලදී ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන හමුදා නායකයින්ගේ සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ රාජ්‍ය අවමංගල උත්සවය ටෙහෙරානයේ දී අද පවත්වා තිබෙනවා.

ඉරාන හමුදා නායකයින්ගේ සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ ඇතුළු 60 දෙනෙකුගේ පමණ අවමංගල උත්සවය මෙලෙස එකවර පවත්වා ඇති බවයි විඋදෙස් වාර්තා සඳහන් කළේ.

මියගිය හමුදා අණ දෙන නිලධාරීන්ගේ පින්තූර සහිත ඉරාන ධජයෙන් ඔතා තිබූ මිනී පෙට්ටි, ටෙහෙරානයේ එංගෙලාබ් චතුරශ්‍රය අසලට ගෙනවිත් මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

කළු ඇඳුමින් සැරසුණු ශෝකජනක විශාල පිරිසක් සටන් පාඨ කියමින්, ඉරාන ධජ ලෙළවමින් සහ මියගිය අයගේ පින්තූර රැගෙන ටෙහෙරානයේ එංගෙලාබ් චතුරශ්‍රය අසළට රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම රාජ්‍ය අවමංගල උත්සවය සඳහා සහභාගීවීමට ඉරාන ජනතාවට බලධාරීන් විසින් බස් සහ මෙට්‍රෝ රථ මඟින් නොමිලේ ගමන් පහසුව ද සලසා දී තිබෙනවා.

එමෙන්ම අවමංගල උත්සවය හේතුවෙන් රජයේ කාර්යාල ද වසා දමා ඇති තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවසන් කටයුතු සිදු කරනු ලබන අය අතර ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරානයේ ඉහළම හමුදා නිලධාරියෙකු වන මොහොමඩ් බගෙරි ද සිටිනවා.

ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ බගෙරි භූමදාන කරනු ලබන බවයි වාර්තා වන්නේ.

දින 12ක් පැවති මෙම ගැටුමේ දී ඉරානයේ පුද්ගලයින් 627 දෙනෙකු මිය ගිය බව ඉරාන බලධාරීන් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ පුද්ගලයින් 28 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල බලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?