ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ඉරාන හමුදා නායකයින් හා විද්‍යාඥයින්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

දින 12ක පැවති යුද ගැටුම් වලදී ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන හමුදා නායකයින්ගේ සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ රාජ්‍ය අවමංගල උත්සවය ටෙහෙරානයේ දී අද පවත්වා තිබෙනවා.

ඉරාන හමුදා නායකයින්ගේ සහ න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ ඇතුළු 60 දෙනෙකුගේ පමණ අවමංගල උත්සවය මෙලෙස එකවර පවත්වා ඇති බවයි විඋදෙස් වාර්තා සඳහන් කළේ.

මියගිය හමුදා අණ දෙන නිලධාරීන්ගේ පින්තූර සහිත ඉරාන ධජයෙන් ඔතා තිබූ මිනී පෙට්ටි, ටෙහෙරානයේ එංගෙලාබ් චතුරශ්‍රය අසලට ගෙනවිත් මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

කළු ඇඳුමින් සැරසුණු ශෝකජනක විශාල පිරිසක් සටන් පාඨ කියමින්, ඉරාන ධජ ලෙළවමින් සහ මියගිය අයගේ පින්තූර රැගෙන ටෙහෙරානයේ එංගෙලාබ් චතුරශ්‍රය අසළට රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම රාජ්‍ය අවමංගල උත්සවය සඳහා සහභාගීවීමට ඉරාන ජනතාවට බලධාරීන් විසින් බස් සහ මෙට්‍රෝ රථ මඟින් නොමිලේ ගමන් පහසුව ද සලසා දී තිබෙනවා.

එමෙන්ම අවමංගල උත්සවය හේතුවෙන් රජයේ කාර්යාල ද වසා දමා ඇති තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවසන් කටයුතු සිදු කරනු ලබන අය අතර ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරානයේ ඉහළම හමුදා නිලධාරියෙකු වන මොහොමඩ් බගෙරි ද සිටිනවා.

ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඔහුගේ බිරිඳ සහ දියණිය සමඟ බගෙරි භූමදාන කරනු ලබන බවයි වාර්තා වන්නේ.

දින 12ක් පැවති මෙම ගැටුමේ දී ඉරානයේ පුද්ගලයින් 627 දෙනෙකු මිය ගිය බව ඉරාන බලධාරීන් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ පුද්ගලයින් 28 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල බලධාරීන් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48