AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 13ක් මරුට

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව හමාස් සන්නද්ධ අංශය පවසනවා.

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ස්ථාන පහකදී එල්ල කළ ප්‍රහාරවලින් විදේශිකයන් ඇතුළු සිරකරුවන් 13 දෙනෙකු මිය ගිය බවයි Izzedine al-Qassam Brigades නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

හමාස් සංවිධානය පසුගිය 7 වනදා ආරම්භ කළ ප්‍රහාරයෙන් පසු 150 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට පළා ගොස් තිබුණා.

අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්‍රායලය විසින් සිවිල් වැසියන්ගේ නිවෙස්වලට බෝම්බ ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවටයි ඔවුන් තර්ජනය කර ඇත්තේ.

මේ අතර උතුරු ගාසා තීරයේ සිටින මිලියන 1.1ක පමණ වන සියලු ජනතාවට ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට යොමු වන ලෙස ඊශ‍්‍රායලය ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ වැසියන්ට සෘජුවම ප්‍රකාශ කර ඇත්තේ අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පිටත්ව යන ලෙසයි.

කෙසේවෙතත් විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු අඟවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.

1,300 දෙනෙකුට මරු කැඳවමින් සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර අතරතුර හමාස් සංවිධානය අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වශයෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කළහොත් මිස සීමාවන් ඉවත් නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
3
+1
1
+1
14
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?