ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 13ක් මරුට

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල සහ විදේශීය ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව හමාස් සන්නද්ධ අංශය පවසනවා.

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ස්ථාන පහකදී එල්ල කළ ප්‍රහාරවලින් විදේශිකයන් ඇතුළු සිරකරුවන් 13 දෙනෙකු මිය ගිය බවයි Izzedine al-Qassam Brigades නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

හමාස් සංවිධානය පසුගිය 7 වනදා ආරම්භ කළ ප්‍රහාරයෙන් පසු 150 දෙනෙකු පමණ ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට පළා ගොස් තිබුණා.

අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්‍රායලය විසින් සිවිල් වැසියන්ගේ නිවෙස්වලට බෝම්බ ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවටයි ඔවුන් තර්ජනය කර ඇත්තේ.

මේ අතර උතුරු ගාසා තීරයේ සිටින මිලියන 1.1ක පමණ වන සියලු ජනතාවට ඉදිරි පැය 24 තුළ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට යොමු වන ලෙස ඊශ‍්‍රායලය ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසනවා.

ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ වැසියන්ට සෘජුවම ප්‍රකාශ කර ඇත්තේ අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පිටත්ව යන ලෙසයි.

කෙසේවෙතත් විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු අඟවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.

1,300 දෙනෙකුට මරු කැඳවමින් සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර අතරතුර හමාස් සංවිධානය අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වශයෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කළහොත් මිස සීමාවන් ඉවත් නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
3
+1
1
+1
14
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47