AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනයේ 40ක් මියයයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ගාසා තීරයේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, පලස්තීනයේ කාන් යුනිස් නගරයට බටහිර දෙසින් පිහිටි අල්-මාවාසි හි මානුෂීය කලාපයේ අවතැන් වූවන් නවාතැන් ගත් කූඩාරම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙලෙස මීටර හතක් පමණ ගැඹුරු ආවාට ඇති කරමින් ප්‍රහාර තුනක් එල්ල වී තිබෙනවා.

හමාස් සිවිල් ආරක්ෂක අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ බීබීසීයට වාර්තා කර ඇත්තේ, “හතර දෙනෙක් මිය ගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් අතර සිටින බවයි.

කෙසේ වෙතත් මියගිය හා තුවාල ලැබූ සියළු දෙනා සිවිල් වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?