ඊශ්‍රායල-ගාසා යුද ගැටුම්වලින් දින දෙකට 1000ක් ජීවිතක්ෂයට

දින දෙකක් පුරා ඇවිලී යන ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල තුළ පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ගාසා තීරයේ අවම වශයෙන් මරණ 370ක් පමණ වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මරණ 400ක් පමණ වර්ට්ය්හ වන අතර, 1,700 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය විසින් ඊයේ (07) උදෑසන දැවැන්ත රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලට එල්ල කිරීමත් සමඟ එම ත්‍රස්ත කණ්ඩායමේ පිරිසක් ගාසා තීරය ඔස්සේ ඊශ්‍රායල තුළට රිංගා ගත්තා.

ඒ, අනුව ඊශ්‍රායල රජය තීරණය කළේ හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි.

මේ අතර හමාස් සංවිධානය විසින් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 100ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

“ත්‍රස්තවාදීන් නිවාසවලට කඩා වැදී සිවිල් වැසියන් ඝාතනය කළා. සිය ගණනක් රට ආක්‍රමණය කර ඇත, සිය ගණනක් තවමත් ඊශ්‍රායලය තුළ හමුදා සමඟ සටන් කරනවා.” හමුදා ප්‍රකාශක රිචඩ් හෙච්ට් මාධ්‍ය වෙත මෙලෙස සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
10
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?