ඊශ්‍රායල – ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ මිලියන 3.2ක් අවතැන්

පසුගිය පෙබරවාරි 28 වන දින ඊශ්‍රායල-ඇමරිකානු යුද ප්‍රහාර ආරම්භ වූ දා ඉරානය තුළ මිලියන 3.2 ක් පමණ අවතැන් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පැවසුවේ මෙම ඇස්තමේන්තුව රට පුරා අවතැන් වූ නිවාස පිළිබඳ මුල් තක්සේරු කිරීම් මත පදනම් වූ බවයි.

“යුදමය තත්ත්ව දිගටම පවතින බැවින් මෙම අගය අඛණ්ඩව ඉහළ යාමට ඉඩ ඇති අතර එය මානුෂීය අවශ්‍යතාවල කනස්සල්ලට කරුණක්” එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !