AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලය ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක භටයාට ශල්‍යකර්මයක්

දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක හමුදා භටයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වනවා.

තුවාල ලැබූ භටයන් දෙදෙනා ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ තවත් ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෙබනනය තුළ ශ්‍රී ලංකා සාම සාධක භටයන් 125ක් සාම සාධක රාජකාරීවල නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?