ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර වැඩි කරයි – අනුප්‍රාප්තික හිස්බුල්ලා නායකයා ගැනත් තොරතුරක් නැහැ

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීම පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයට ඊයේ (05) දිනයේ දී ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර විශාල වශයෙන් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර වලින් හිස්බුල්ලා සටන්කාමීන් 400 කට වැඩි පිරිසක් මේ වනවිටත් මියගොස් ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව විසින් ත්‍රස්තවාදීන් 440ක් පමණ ගොඩබිම් මෙහෙයුම් වලින් සහ ගුවන් මෙහෙයුම් වලින් ඝාතනය කර ඇති බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ.

ඒ, අතර හිස්බුල්ලා සංවිධානයේ විවිධ තරාතිරම්වල අණදෙන නිලධාරීන් 30ක් පමණ සිටින බව ඔහු පැවසුවා.

මේ අතර ඝාතනයට ලක් වූ හිස්බුල්ලා නායක සයීඩ් හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂෙම් සෆිදීන් සමඟ ද පසුගිය සිකුරාදා දිනයේ සිට සබඳතා බිඳ වැටී ඇති බවයි ලෙබනනයේ නිලධාරීන් සඳහන් කළේ.

ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් රැඳී සිටින බව කියන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාර හෂෙම් සෆිදීන් ඉල්ලක කර ගනිමින් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ සෙනසුරාදා වන විට දකුණු ලෙබනනයේ ත්‍රස්තවාදී උමං මාර්ගයක මීටර් 250ක් කඩා ඉවත් කළ බවයි.

හිස්බුල්ලාගේ රඩ්වාන් හමුදාව විසින් ඊශ්‍රායලය ආක්‍රමණය කිරීම සඳහා උමං මාර්ග භාවිත කිරීමට සූදානමින් සිට ඇති බවයි ඊශ්‍රායල හමුදාවට පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?