කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල ඉහළ තල්දූව ලී කැටයම් වැඩපොළ අසල ඊයේ රාත්‍රී 11.15 පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
ත්‍රී රෝද රථයකින් ගමන් ගත් පිරිසකට නාදුනන පිරිසක් විසින් යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පළා ගොස් තිබේ.
එයින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු අවිස්සා රෝහලට ඇතුළත් කිරිමට පෙර මියගොස් ඇති අතර මියගිය අය වයස අවුරුදු 38 සහ 27 වන අවිස්සාවේල් තල්දුව ප්‍රදේශයේ දෙදෙනෙකි.
තවද එම ත්‍රීරෝද රථයේම ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත
එයින් එක් අයෙක් බරපතළ බව රෝහල ආරංචි මාර්ග පවසයි
ඔවුන්ගේ වයස අවුරුදු 43 සහ 42 වන අතර අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ය.
මොවුන් ගමන් කර ඇත්තේ අවමංගල්ය නිවසකට සහභාගිවිමටයි
අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි















