ඊයේ දිනයට පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක්

ඊයේ (21) දිනය තුළ දී පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් වාර්තා වී ඇති බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සිද්ධීන් 05 ක් ප්‍රේම සම්බන්ධතා අතරතුර සිදුවී ඇති අතර අන් සිදුවීම බලහත්කාරය මත සිදුව ඇති බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

පූර්ණ බලහත්කාරය මත සිදුව ඇති අපරාධයේ සැකකරු ලෙසට හඳුනාගෙන ඇත්තේ මවගේ අනියම් පුරුෂයා බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධීන් සියල්ලෙහිම අදාළ සැකකරුවන් සියලු දෙනා පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර අදාළ කාන්තාවන් වයස අවුරුදු 12,14,15 සහ 17 යන වයස්වල පසුවන විට දූෂණය වුවද පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීම සඳහා ඇතැම් කාන්තාවන් ඉදිරිපත්ව තිබෙන්නේ වසරකට හෝ වසර දෙකකට පසුව බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම සිදධීන් 06 ආණමඩුව,තෙබුවන,ගම්පොල,පයාගල, දමන යන ප්‍රදේශයන්ගෙන් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?