ඊයේ දකුණු අප්‍රිකාව ජය ගනිද්දී අද තරගය කොදෙව්වෝ ජය ගනිති

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවති තරගයෙන් කඩුලු 09කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයා පළමු ව ලකුණු රැස් කිරීමට අමෙරිකාවට ආරාධනා කළා.

ඒ අනුව ඇරයුම පිළිගනිමින් පිටියට පිවිසි අමෙරිකාවට පන්දු වාර 19කුත් පන්දු 05ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

රොස්ටන් චේස් ලකුණු 19කට කඩුලු 03ක් , ඇන්ඩෘ රසල් කඩුලු 03ක් ද බිඳ දැමුවා.

අල්සරි ජෝෂප් කඩුලු 02ක් සහ ගුඩකෙෂ් මොටි එක් කඩුල්ලකට ද හිමිකම් කිව්වා.

Andries Gous ලකුණු 29ක් ද Nitish Kumar ලකුණු 20 පමණක් ලබාගත් අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක වෙන්නට ඉඩකඩ ලැබුණේ නැහැ.

තරගයේ ජයග්‍රහණයට ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය තහවුරු කළා.

Shai Hope නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය රොස්ටර්න් චේස් විසින් දිනා ගනු ලැබුවා.

මේ අතර ඊයේ නිමාවට පත් වූ දකුණු අප්‍රිකා – එංගලන්ත තරගයේ දී තරගය ලකුණු 07කින් ජයගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර; ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ගොඩනැගූ ලකුණු පුවරුව කඩුලු 06ක් දැවී ලකුණු 163ක්.

Quinton de Kock ලකුණු 65ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 03ක් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් මොඑන් අලීට සහ ආදිල් රෂීඩ්ට හිමිවුණා.

පිළිතුරු ඉනිම ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 06ක් දැවී පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි.

ඒ අනුව එංගලන්තය පරදා ලකුණු 07ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය Quinton de Kock දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?