AFC Banner
AFC Banner
Empty Ad

ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් ආසාදිතයින් 770 දෙනෙකු ඊයේ (20) වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 

ඒ අනුව 2020 ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් -19 ආසාදිතයින් ගණන 55,189කි.

කොළඹින් 270ක්, ගම්පහින් 80ක්, ගාල්ලෙන් 56ක්, මාතරින් 56ක්, මහනුවරින් 54ක්, මාතලෙන් 40ක්, මන්නාරමින් 36ක්, කළුතරින් 35ක්, වවුනියාවෙන් 26ක් හා තවත් දිස්ත්‍රික්ක 12 කින් ආසාදිතයින් 115 දෙනෙකු ඊයේ හඳුනාගැනුණි.

ආසාදිතයින් සුලභ ව වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතරට නාරාහේන්පිට, උකුවෙල, නාවලපිටිය, වැල්ලවත්ත, අතුරලිය, වවුනියාව, ඉමදූව, තමන්කඩුව, වේයන්ගොඩ, බේරුවල, දර්ගා නගරය, සහ මන්නාරම යන ප්‍රදේශ අයත් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?