AFC Banner
Empty Ad
Empty Ad

ඉවසීමෙන් සැනසීම නොලැබුණු නිසා රට හැර යන්න ඉන්න අය කිපෙයි

විදෙස්ගමන් සදහා අවශ්‍ය කරන ලියකියවිලි සහ විදෙස් මුදල් ලබාගැනීමේ දුශ්කරතා නිසා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

එහි සිටි තරුණයෙක් ප්‍රකාශ කර සිටියේ ” දින හතරකට ආසන්න කාලයක් සිට පද්ධති දෝශ යැයි කියමින් ඔවුන්ගේ කාර්යයන් මගහරින බවයි.

පවත්නා රජයේ ක්‍රියාකාරකම් සහ ආකාර්‍යක්ශම රාජ්‍ය සේවය මෙයට වග කිව යුතු බව ඔවුන් මෙහිදි දිගින් දිගටම ප්‍රකාශ කර සිටි අතර ආයතන පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් සමගද බහින් බස් වීම් සිදුව තිබෙනවා.

මෙම තත්වය තවත් උද්ගත වූයේ එක්දහස් පන්සීයට අධික පිරිසෙන් එකසිය පනස් දෙනෙකුන් පමනක් අද දින ( 22 ) සේවාවන් සැපයීමට ආයතනය තුලට ගන්නා බව දැන්වීමත් සමගයි.

එම පරිශයේ සිටි තරුණ පිරිස තව දුරටත් අදහස් දක්වමින් මාධ්‍යට කියා සිටියේ ආයතනය තුල රාජකාරියේ නියැලෙන්නේ පස් දෙනෙකුට ආසන්න පිරිසක් බවයි.

මේ සති අන්තයේ විදෙස්ගතවන්නට සිටි අයටත් දෙසැම්බර් මුල් සතියට දින ලබාදීම නිසාත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ඔවුන් මහාමාර්ගයද අවහිර කරමින් තම විරෝධය පල කළ අතර පෙරදින රාත්‍රියේ සිට පෝලිමේ රැදී සිටි පුද්ගලයන්ද ඒ අතර සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?